fbpx

බන්ධුල නානායක්කාරවසම් වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි . ඔහුගේ බැංකු පරිචය (prctice) වසර 38 කි . ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස 15 වාරයක් ඇමෙරිකාවේ ග්ලෝබල් ෆිනෑන්ස් සම්මානය නොකඩවා දිනූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වූ කොමර්ෂල් බැංකුව ඔහුගේ ප්‍රථම සහ එකම සේව්‍යයා ( ( employer ) වීය බන්ධුල ශ්‍රී ලංකාවේ ජනප්‍රියව සිටින්නේ කලා සහ සංගීත ක්ෂේත්‍රය හරහාය . ඒ ප්‍රශස්ත ගීත රචකයෙකු , ප්‍රසංග රචකයෙකු , සිනමා සහ ටෙලි නිර්මාණවේදියෙකු ,කවියෙකු , ගුවන් විදුලි නිර්මානශිල්පියෙකු , සාහිත්‍යකරුවෙකු ඈ නෙක ක්ෂේත්‍ර අරභයාය . ඔහු ගේ කලා භාවිතය සහ කඩඉම් දළ වශයෙන් ඔහු ලද සම්මාන රාශියෙන් කීපයක් විමසීමෙන් වටහා ගත හැක . ඔහුගේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණය වාර්තා වන්නේ 1975 සාමාන්‍ය පෙළ පන්තියේ උගනිද්දීය . ඒ 1975 ජගත් සංචාරක වසර නිමිත්තෙන් පැවැත්වූ දීපව්‍යාප්ත රචනා තරගයේ ලංකාවේම ජයග්‍රාහී ස්ථානය ලබමිනි ඉන් පසුව උසස් පෙළ ඉංජිනේරු විද්‍යා විෂයන් හදාරද්දී දිස්ත්‍රික් ගද්‍ය සහ පද්‍ය රචනා තරගයන්ට අමතරව ලංකා පිළිකා සංගමයේ රචනා තරගයෙන් සමස්ත ලංකා ජය අත් කර ගැනීමයි.

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399