fbpx

ඉපැරණි නටබුන් සහිත රම්බා විහාරය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ අංක 184 දරණ රොටේ ග‍්‍රාම සේවා වසමට අයත් උඩරොට මාමඩල ග‍්‍රාමයේ පිහිටා ඇත. කොළඹ කතරගම A2 මාර්ගයේ 222 වැනි කිලෝමීටර් කණුව අසල ඇති නෝනගම මන්සංදියෙන් A18 මාර්ගයේ ඇඹිලිපිටිය දෙසට කිලෝමීටර් 10 ක් පැමිණි විට මෙම ඓතිහාසික රම්බා විහාර භූමිය හමු වේ. පැල්මඩුල්ල නෝනගම A18 මාර්ගයේ ඇඹිලිපිටිය නගරයේ සිට කිලෝමීටර් 22 ක් පමණ නෝනගම දෙසට ගමන් කරන විට රම්බා විහාර භූමි පරිශ‍්‍රය හමුවේ. උතුරෙන් වළවේ ගඟ ද බටහිරින් හා දකුණින් ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇල ද නැගෙනහිරින් වැලි පාරෙන් ද මෙම විහාර භූමිය සීමා වෙයි.

Follow Us

Copyright © 2024 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399